HELPX පළමු සමාජ සේවා ව්‍යාප්ෘතිය.

HelpX පදනමේ පළමු සමාජ සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව ශ්‍රී සුනන්දෝපනන්ද මහා විද්‍යාලය තෝරාගනු ලැබූවේ,

⚜️නගරයට ආසන්නයේ පිහිටි පාසලක් වුවද එහි සිසුන් බහුතරයක් ඉතාමත් අඩු පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම.(ඇතැමුන්ට ආහාරයක් පවා නිසියාකරව ලබාගැනීමට වත්කමක් නොමැති බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු.😐)

⚜️දක්ෂතාවය අතින් ඉතාමත් ඉදිරියෙන් සිටින දරු පිරිසක් සිටීම.යන මූලික කරුණු හේතුවෙනි.ආරම්භයක් වශයෙන් මෙහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 40 දෙනෙකු සඳහා අවශ්‍ය කරන පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, නිළ ඇඳුම්, පාවහන් හා ක්‍රීඩා උපකරණ කිහිපයක් ගරු විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම මත ලබාදීමට අප තීරණය කළෙමු.

මෙම කාර්‍යයට දායක වීමට අප ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරන්නෙමු.❤️

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත වට්සැප් කණ්ඩායම සමඟ එකතුවන්න.https://chat.whatsapp.com/Iwxq8xF6oID4xCsQxi59jG

ඔබගේ ආධාරයන් ද්‍රව්‍යමය ආධාරයන් හෝ මූලයමය ආධාරයන් වශයෙන් ලබාදිය හැකිය.

⭕ ඔබගේ ආධාරයන් 2020 අගෝස්තු මස 30 වන දිනට පෙර ලබාදීමට කාරුණික වන්න.

ඔබගේ පරිත්‍යාගයන් පිළිබඳ තොරතුරු පහත පෝරමය හරහා ද අපට දැනුම් දිය හැකිය.https://forms.gle/1Ln4UbxDYyoZ2BSZ9

විමසීම්, තරිඳු 0718828128මදුරංගි 0712357837

Leave a Reply

Your email address will not be published. Required fields are marked *